*නොමිලයේ ඩේටා පහසුකම් ලබා ගැනීම*
කැලණිය අධ්‍යාපන කලාපයේ සියලු ම මාණ්ඩලික නිලධාරීන් , පාසල් වල විදුහල්පතිවරුන්,ගුරුභවතුන් හා සිසුන් වෙත .
ඔබගේ ගුරුභවතුන් සහ සිසුන් මෙම දුෂ්කර අවස්ථාවේ දී මාර්ගගත ක්‍රමයට ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය පවත්වාගෙන යාමේ දී සිදු වන අපහසුතා අවම කර ගැනීමේ අරමුණින් යම් ගිගාබයිට් ප්‍රමාණයක ඩේටා නොමිලේ ලබාදීමට ඇති හැකියාව පිළිබඳව ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය සමග සාකච්ඡා කරමින් සිටින අතර ඒ සඳහා ලිඛිත ඉල්ලීමක් අදාළ තොරතුරු ද සමග යොමු කරන ලෙස ඔවුන් දන්වා ඇත .එබැවින් ඔබ පාසලේ ගුරුභවතුන්ගේ හා සිසුන් ගේ අදාල ඉල්ලීම මේ සමග යොමු කර ඇති අයදුම් පත මගින් මාර්ග ගතව යොමු කිරීමට කටයුතු කරන ලෙස ඉතා කාරුණික ව දන්වමි. වට්ස්ඇප් සමූහ මගින් මෙම පණිවිඩය ඔබගේ ගුරුභවතුන් සහ සිසුන් වෙත යොමු කර අදාල අයදුම් පත මැයි මස 17 දිනට ප්‍රථම මාර්ග ගතව ම යොමු කරන ලෙස දන්වන්න.මෙම සහනය ඔබගේ ගුරු භවතුන් හා සිසුන් වෙත ලබා දීම ට ඔබ දක්වන සහය අතිශයින් අගය කරමි.මාර්ගගත ක්‍රමයට අයදුම්පත සම්පූර්ණ කිරීමට පහත link එක ලින්ක් එක ක්ලික් කරන්න tiny.cc/ktelecom
පී.ආර්.දේවබන්දු නි.ක.අ.අ.(පාලන )ක.අ.අ.වෙනුවට .

